මහරගම අපේක්ෂා රෝහලේ විකීරණ ප්‍රතිකාර සේවා අඩාලවී තිබේ.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කළේ, වායු සමීකරණ පද්ධතිය අක්‍රියවීම හේතුවෙන් විකීරණ ප්‍රතිකාර යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇති බවයි.
අක්‍රිය වූ වායු සමීකරණ පද්ධතිය අලුත්වැඩියා කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඉදිරි දින දෙක ඇතුලත විකිරණ ප්‍රතිකාර සේවා යලි ආරම්භ කල හැකි බවයි.
විකිරණ ප්‍රතිකාර සේවා අඩාලවීම හේතුවෙන් අපේක්ෂා රෝහලේ රෝගීන් රැසක් මේ වන විට දැඩි පීඩාවට පත්ව සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
