''ඒකාබද්දේ අය ගැන සහතික දෙන්න මට බැහැ'' - ගම්මන්පිල

''ඒකාබද්දේ අය ගැන සහතික දෙන්න මට බැහැ'' - ගම්මන්පිල

ඉදිරි දින කිහිපයේදී ඒකාබද්ධයේ කව්රු ජනාධිපතිවරයාට එක්වේදැයි සහතිකයක් දිය නොහැකි බවත්, කෙසේවුවද තමා ශ්‍රීලනිපයට එක් නොවන බව පමණක් පැහැදිලිව කිව හැකි බවත් ඒකාබද්ද විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසිය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාම නිල නිවසේ පැවති ඊයේ (06) රාත්‍රීයේ පැවති සාකච්ජාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

තම පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් රැසකට මුහුණදී සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා මෙම රැස්වීමට සහභාගී නොවූ අතර එම පක්ෂය නියෝජනය කරමින් රැස්වීමට සහභාගී වූ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසුයේ පක්ෂයේ ඇතැම් පුද්ගලයින් නොමග ගොස් ඇති බවයි.

ඔහු එම ප්‍රකාශය කලේ එම පක්ෂයේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා ඉලක්ක කර ගනිමිනි.

 වාසු කියන අමුතු කතාව ?

 මෙම රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුයේ, එක්සත් ජාතික පක්‍ෂය සමග වුවද එකතු වී පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවීමට ඒකාබද්ද විපක්‍ෂය සූදානම් බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්ව මැතිවණයට තරග කිරීමට සූදානමක් නැති බවත් ජනතාව කියන්නේ කිසිසේත්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්ව තරග නොකල යුතු ලෙස බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය.

වීඩියෝ  

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න