විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ විසින් කතානායක කරු ජයසූරිය වෙත අද (25) නිල වශයෙන් ලබාදී ඇති බව වාර්තා වෙයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙනවිත් තිබෙන මෙම 20 වන සංශෝධනය ඇතුළත් ලියවිල්ල ජවිපෙ මන්ත්‍රී කණ්ඩායම සමඟ පැමිණ පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයේදී භාරදී ඇති අතර එම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දිසානායක ද සහභාගිව තිබේ.
ඒ අනුව 20 ව්‍යවස්ථා සංශෝධන ලියවිල්ල නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
