පුෂ්පා රම්‍යානි ද සොයිසාට ජාත්‍යන්තර සම්මානයක්

පුෂ්පා රම්‍යානි ද සොයිසාට ජාත්‍යන්තර සම්මානයක්

ජාතික හෙද පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යාද සොයිසා ජාත්‍යන්තර සම්මානයක් හිමි කර ගත් ප්‍රථම හෙද නිලධාරිනිය බවට පත්වෙමින් එම සම්මානය ද රැගෙන ඊයේ (02) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ට්‍රැවිස් හෝටලයේ දී ඉකුත්දා(28) ලොව රටවල් 52ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති ලෝක සාම සමුළුවේ දී පුෂ්පා රම්‍යානි ද සොයිසා වෙත (King Sany Wijaya International Award ) මේ සම්මානය පිරිනමා තිබුණි.

මීට අමතරව තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනකු වන කලාවේදිනී ජානකී හිල්, ආචාර්ය අයි.වයි.එම්.අනීෆ් සහ අජිත් ආරියරත්න ද මේ සමුළුවේ දී සම්මානයට බඳුන් වී තිබූ අතර ඔවුන් ශ්‍රී ලංකාවේ දිගුකාලීනව කළ සමාජ සේවා කටයුතු අගය කිරීමට මේ සම්මාන ඔවුන් වෙත ලබා දී තිබුණි.

ඉන්දුනීසියාවේ සැනී විජය රජතුමාගේ 95 වැනි උපන් දින උත්සවය ලෝකයේ ආරාධිත රාජ්‍යතාන්ත්‍රිකයන් 2,500කගේ සහභාගිත්වයෙන් මේ ලෝක සමුළුවට සමගාමීව පවත්වා තිබූ අතර, ඒ සඳහා මේ ශ්‍රී ලාංකිකයන් වෙත ආරාධනා හිමි වී තිබුණි.

මේ සම්මාන දිනා ගත් පිරිස ඊයේ (02) පස්වරු 5.30ට ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. ඔවුන් වෙත ආශීර්වාද කිරීමට සර්ව ආගමික පූජා ප්‍රසාදීන් වහන්සේ පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ලොබි ශාලාව වෙත පැමිණ සිටියහ.

| කටුනායක ටී.කේ.ජී.කපිල

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න