පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමත් සමඟ අහෝසි වූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යළිත් ඒ සඳහා පත්ව ඇත.
ඊයේ (17) පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක හමුවේදී මෙම තීරණය ගෙන ඇත.
එසේම රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව සහ මුදල් පිළිබඳ කාරක සභාව යන පාර්ලිමේන්තු කාරක සභා 2 සඳහාද ඒවායේ මීට පෙර සභාපතිවරුන් ලෙස කටයුතු කළ පිළිවෙලින් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් යන අය පත්කිරීමටද එම පක්ෂ නායක හමුවේදී එකඟත්වය පලව ඇත.
පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමත් සමඟ පාර්ලිමේන්තුවේ කාරක සභා 15ක් පමණ අහෝසිව ගිය අතර එම කාරක සභා සඳහාද ඉදිරියේ දී සාමාජිකයන් පත්කිරීමට නියමිත බවද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
