මාධ්‍යවේදී කීත් නොයාර්ට තුවක්කු පෙන්වා පහරදී පැහැරගෙන යෑම සම්බන්ධයෙන් තුවක්කු ආඥා පනත අදාළ කරගන්නා බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නීතීඥ උදාර කරුණාරත්න ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී පවසා සිටියද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම, මෙම නඩුවේ දී තුවක්කු ආඥා පනත අදාළ කර නොගන්නා බව ප්‍රකාශ කිරීම නීති ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ සැකයට බඳුන්වී තිබේ.
ඒ, කීත් නොයාර් නඩුව සම්බන්ධයෙන් මහාධිකරණයේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිටර් ජනරාල් රොෂාන්ත අබේසූරිය එහිදී කීත් නොයාර් නඩුවට තුවක්කු ආඥා පනත අදාළ කර නොගන්නා බව පවසා තිබූ නිසාය.
එහෙත් මහේස්ත්‍රාත්වරියගේ තීරණය නිසා කීත් නොයාර් නඩුවට අදාළව ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත යැයි සැළකෙන බලවත් පුද්ගලයන්ට කිසිඳු අපහසුවකින් තොරව ඇප ලබාගැනීමේ ඉඩක් ලැබිය හැකි බවද ඔවුහු පවසති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
