වසර දෙකකට ඡන්දෙ කල් දාන්න එජාපයෙන් යෝජනාවක්

වසර දෙකකට ඡන්දෙ කල් දාන්න එජාපයෙන් යෝජනාවක්

ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ ධූර කාලය තවත් වසර දෙකකට දික් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මැයි 28 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මේ බව පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම යෝග්‍ය බව ත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු සෙසු මන්ත්‍රීවරුන් ඊට සහය දැක්විය යුතු බවත් ඔහු එහිදී පැවසීය.

මෙම යෝජනාව සම්මත කරගෙන, එය ජනමත විචාරණයකින් තහවුරු කරගැනීම වඩා ත් ප්‍රායෝගික හා ප්‍රජාතන්ත්‍රවාදී බව පැවසූ මහලේකම්වරයා මෙය මැතිවරණ සිතියම අකුලා දැමීමක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි කිරීමක් නොවන බව ද පැවසීය.

තව ද මෙම අවස්ථාව මගහැරීමෙන් වළකින ලෙසට සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන බව ද ඔහු සඳහන් කළේ ය.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එජාප මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම ඔහු මේ බව කීවේ ය.

මෙම අසීරු අවස්ථාවේදී මහමැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් පරිසරය දූෂණය වීම, රජයේ මුදල් නාස්ති වීම සහ රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙලට හානියක් වීම සිදුවන බව රංගේ බණ්ඩාර මහතා පැවසීය.

මේ වනවිට ජනාධිපතිවරයා ණය ගෙවීම හා රට බංකොලොත්භාවයෙන් මුදාගැනීම ආරම්භ කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සමග එකගතාවයන්ට පැමිණෙමින් සිටීම, රනිල් වික්‍රමසිංහට පමණක් එම එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට උවමනාව, හැකියාව හා දැනුම තිබීම යන කරුණු සලකා බලා මෙම ඉල්ලීම කරන බව ද මහලේකම්වරයා සදහන් කළේ ය.

රනිල් වික්‍රමසිංහ යටතේ ජාත්‍යන්තරය දිනා ගැනීම, ජනතාවට ආර්ථිකමය වශයෙන් සැහැල්ලුවක් ලබා දීම, සහනාධාර ලබා දීම, පරිපාලනය විධිමත්වීම, අධ්‍යාපනය යථාවත්වීම සිදුව ඇති මෙවැනි අවස්ථාවක රටේ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වීම නුසුදුසු බව ද ඔහු කීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න