ලාල් සමාජවාදය අත්හැරීම ගැන සතුටුයි : දැන් අනුර සහ ටිල්වින් ගේ වාරය !

ලාල් සමාජවාදය අත්හැරීම ගැන සතුටුයි : දැන් අනුර සහ ටිල්වින් ගේ වාරය !

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජනබලවේගය පක්ෂයේ විධායක කමිටු සාමාජික ලාල් කාන්ත සමාජවාදය අත්හැර දැමීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

ලාල්කාන්ත, ලාල්කාන්ත සහෝදරයා කොම්රේඩ් ලාල්කාන්ත, ලාල්කාන්ත මහත්තයා වීමෙන් අනතුරුව දැන් තිබෙන්නේ අනුර දිසානායක සහ ටිල්වින් සිල්වා ගේ වාරය බවත් ඔහු පවසයි .

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ය.

එහිදී මාධ්‍යවේදියා විමසා සිටියේ , ලාල් කාන්ත මහත්තයා මාලිමාවේ දැන් සමාජවාදය නැහැ කියලා කතාවක් කියලා තියෙනවා. ඔබතුමා ඒ ගැන මොකුත් දන්නවද..? යනුවෙනි .

ඊට ප්‍රතිචාර දක්වමින් චම්පික රණවක මන්ත්‍රීවරයා මෙසේ පැවසීය .

"යූ ටියුබ් එහෙක එහෙම අදහසක් එන විදියට කියලා තියෙනවා මාත් දැක්කා. මටත් ඒ ගැන කවුරු හෝ එවලා මමත් ඒක බැලුවා…. ලාල්කාන්ත, ලාල්කාන්ත සහෝදරයා කොම්රේඩ් ලාල්කාන්ත, ලාල්කාන්ත මහත්තයා වීම ගැන අපිට හරි සතුටුයි. අපිත් ඕක තමයි නිරන්තරයෙන්ම කිව්වේ ජනතා විමුක්ති පෙරමුණට ඔය පැරණි මාක්ස්වාදී හැව අතහරින්න කියලා. සමහරු මං දැක්කා ඒ අයගේ පෙළපාලිවල කාල්මාක්ස්, එංගල්ස්, ලෙනින් නැති එක ගැන. රතු මැයි රැළිය නැති එක ගැන ප්‍රශ්න කරලා තිබුණා. අපි දකින්නේ ඒක ප්‍රගතියක් පැත්තට ගත්ත පියවරක් හැටියට. මොකද කාල්මාර්ක්ස් එංගල්ස්ලා ඒවා දර්ශනයක් හැටියට හැදෑරුවට කමක් නැහැ. නමුත් ඒවා ප්‍රායෝගිකව මහපොළොවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් නෙමෙයි. සමාජවාදය අවසන් වගේ එහෙමත්. දැන් කොහෙවත් පැරණි සමාජවාදය නැහැ. ඒ වගේ යථාර්ථය පිළි අරගෙන මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඔය තියෙන වෙබ් අඩවියෙනුත් ඔය තමන් මාක්ස්වාදී පක්ෂයක් කියන එක අත ඇරලා ඔය දෑකැත්තයි, මිටිය අයින් කරලා, මොකද පරිගණක යුගයේ චිප් යුගය. ඉතින් ඒකට සරිලන විදිහේ පක්ෂයක් බවට පරිවර්තනය වෙනවා නම් ගොඩක් ලොකු විශ්වාසයක් ඇති වෙයි. එහෙම නැතුව යටින් එකක් තියාගෙන උඩින් තව එකක් කියන කියන ප්‍රමාණයට සැකේ, බිය වර්ධනය වීම තමයි වෙන්නේ. ලාල්කාන්ත මහත්මයා එහෙම එකක් කියලා තියෙනවා නම්, අපි ඉතාම සතුටුයි දැන් අනුර දිසානායක මහත්තයාගෙත්, ටිල්වින් සිල්වා මහත්තයාගේත් වාරය."

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ , ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, මෙන්ම ආසියානු යටිතල පහසුකම් බැංකුව වැනි ආයතන වලින් අයවැය පරතරය පියවීමට ලබාදෙන සහන ලබා නොදුනහොත් ඒවායේ බලපෑම අස්වැසුම වැනි සංවර්ධන වැඩසටහන් වලට ඒවා සෘජුව බලපාන බවත්, ණය ප්‍රතිව්‍යුවහගත නොකළහොත් මේ වසරේ ලැබීමට ඇති ඩොලර් මිලියන අටසීයක පමණ විදේශ ධනය අහිමි වීමට ඉඩ ඇති බවයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.