ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පත් කිරීම පිළි නොගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.
පක්ෂයේ සාමාජිකයකු වත් නොවන පුද්ගලයකු වැඩ බලන සභාපතිවරයා ලෙස පත්කිරීමට කිසිම නීතිමය හැකියාවක් නැති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය .
කෙසේ වුවත් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරුන් දෙදෙනෙකු සිටින අතර ඒ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ය.
මේ අතර දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ශ්‍රීලනිප සභාපති ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත්කර ඇති නමුත් ඔහු දිගින් දිගටම පක්ෂයේ කටයුතු වලට බලපෑම් කරමින් සිටින බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
