නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින සිය සාමාජිකයන්ටත් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා අද දින සිට මැයි 20 වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කළ බව නාවික හමුදාව පවසයි.
ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් මස 31 දින හෝ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකරන ලද ශිල්පීය අංශවලට අයත් නාවිකයින් සහ වෘත්තීමය වෛද්‍ය හා දන්ත අංශයේ නාවිකයින් හැර අනෙකුත් නාවිකයින්ට එලෙස නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට අවස්ථාව හිමි වේ.
ඊට සුදුසුකම් ලබන නාවික සාමාජිකයින් තමන්ට ආසන්නතම නාවික හමුදා කඳවුර වෙත වාර්තා කල යුතු අතර, නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර, දැනට විදේශගතව සිටින නාවිකයින් හට යලි වාර්තා කිරීමකින් තොරව නීත්‍යානූකූලව සේවයෙන් ඉවත්වීම සඳහා අවස්ථාව හිමිවන බවයි නාවික හමුදාව පැවසයි.
මේ අතර නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටින යුද හමුදා සාමාජිකයින්ටද අද සිට මසක් ඇතුළත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
