පසම් සහ ලතෝනි ලෝක උරුමයක් බවට

පසම් සහ ලතෝනි ලෝක උරුමයක් බවට

පසම් සහ ලතෝනි ගායනා ලෝක උරුමයක් බවට පත්කිරීමට කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක  පැවසීය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ කිතුණු ගායනා ශෛලියන් වන පසම් සහ ලතෝනි ගායනා 60ක් ඇතුළත් ග්‍රන්ථයක් එළිදැක්වීම හා ඒවා අන්තර්ජාලය වෙත මුදා හැරීමේ මග්ගොන කල්වාරිය සිද්ධස්ථානයේ පසුගියදා (22) පැවති උත්සවයකට එක්වෙමිනි.

එසේම පසම් හා ලතෝනි ගායනා ක්‍රිස්තියානි දහම් පාසල් විෂයය නිර්දේශයට එකතු කර ඉදිරි පරම්පරාව වෙත පවරාදීමට ද කටයුතු කරන බවද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

පසම් සංරක්ෂණ කමිටුවේ අනුශාසක ලාල් පුශ්පදේව ප්‍රනාන්දු පියතුමාගේ අධීක්ෂණය යටතේ ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් පසම් සහ ලතෝනි ගායනා සංරක්ෂණ කටයුතු සිදුකෙරිණි.

පසම් සහ ලතෝනි ගායනා කිරීම සඳහා කලමුල්ල, කටුකුරුන්ද , මග්ගොන, මුංහේන, මහා පායාගල, කුඩා පයාගල, දියලගොඩ, වාද්දුව, හා ගාල්ල නියෝජනය කරමින් කණ්ඩායම් 9ක් සහභාගීවිණි.

අති උතුම් දේවධර්මාචාර්ය ජූඩ් නිශාන්ත රදගුරු හිමිපාණන් සහ කතෝලික පුජකවරු, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ චතුරි පින්තු, දෙපාර්තමේන්තු නිලධාරීන් , පසම් සංරක්ෂණ කමිටු සාමාජිකයන් , ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න