එක්සත් ජාතික පක්ෂයට (එජාප) වසර 80ක් පිරෙන මෙම අවස්ථාවේ, අනාගත පරම්පරාවට රට භාරදෙන ආකාරය සහ ඉදිරි වසර 20 සඳහා වන පොදු ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමේ අරමුණින් "හරිත පත්‍රිකාව" නමැති ලියවිල්ල ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කර තිබෙනවා.
කොළඹ, මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී අද(28) පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් රැසක් මේ පිළිබඳව අදහස් දක්වන ලදී.
ඒ අනුව එජාප සභාපති වජිර අබේවර්ධන පැවසුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ මෙම "හරිත පත්‍රිකාව" මේ වන විට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සියලු දේශපාලන පක්ෂ වෙත ලබා දී ඇති බවයි.
එමෙන්ම ඉදිරියේදී මෙය සියලු පුරවැසියන්, තරුණ තරුණයින්, සිවිල් සංවිධාන, විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුළු සියලු පාර්ශවයන්ගේ සංවාදයට ලක් කිරීම සඳහා ලබාදීමට නියමිත බවද ඔහු පැවසුවේය.
මෙය වසර පහෙන් පහට රාජ්‍ය බලය ලබා ගැනීමට ඉදිරිපත් කරන ලියවිල්ලක් නොවන බවත්, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සමයේ ඉදිරිපත් කළ "ථෙරවාදී සමාජ වෙළඳපොළ ආර්ථික" ක්‍රමවේදයට සමගාමීව තරුණයන් විසින් සකස් කරන ලද ලියවිල්ල සමාජගත වෙමින් තිබෙන බව සභාපතිවරයා පැවසීය.
මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් පළ කරමින් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දිනුක් කොළඹගේ පැවසුවේ මෙම ලියවිල්ල තවත් එක් දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොවන අතර, වසර 20ක අඛණ්ඩ පොදු රාමුවක් තුළ රට ඉදිරියට ගෙන යාම මෙහි මූලික අරමුණ වන බවයි.
රට වැටුණු සෑම අවස්ථාවකම රට බේරා ගන්න ඉදිරියට පැමිණියේ එක්සත් ජාතික පක්ෂයය බවද, වත්මන් ආණ්ඩුවට රටේ ආර්ථිකය පිළිබඳ දැක්මක් නොමැති පසුබිමක රට නැවත ආරාජික වීම වළක්වා ගැනීමට මෙම පොදු රාමුවට එකතු වන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඔහු ඉල්ලා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සභික නීතීඥ නිපුන් සමරතුංග පෙන්වාදුන්නේ ලොව වෙනත් රටවල ආණ්ඩු මාරු වුවද පවතින ජාතික ප්‍රතිපත්ති රාමුව වෙනස් නොවන බවයි.
ශ්‍රී ලංකාවේද වසර 20ක් එක දිගට ගමන් කළ හැකි පොදු ප්‍රතිපත්ති රාමුවක් සකස් කරගැනීම මෙමගින් බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.
1948 නිදහස ලබාගැනීමේ සිට 1977 විවෘත ආර්ථිකය හඳුන්වා දීම දක්වාත්, මෑත කාලයේ රට වැටුණු සෑම අවස්ථාවකම එය ගොඩගැනීමටත් එක්සත් ජාතික පක්ෂය මුල් වූ බවත්, මෙම ලියවිල්ල මගින් කිසිදු පක්ෂයක දේශපාලන ප්‍රතිපත්තිවලට බලපෑමක් නොවන බවත් හෙතෙම සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සභික නීතීඥ පසිඳු ගුණරත්ත සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ බලය අරමුණු කරගෙන ජනතාවට බොරු නොකී බවත්, 2022 වසරේදී රට වැටී තිබූ මොහොතේ ඉදිරියට ඇවිත් රට නිවැරදි මාර්ගයට යොමු කළේ එතුමා බවයි.
මෙම හරිත පත්‍රිකාව දේශපාලන අරමුණකින් තොරව රට ගොඩනැගීම වෙනුවෙන් ඉදිරිපත් කළ කෙටුම්පතක් බැවින්, රටේ දියුණුව උදෙසා සියලු පාර්ශවයන්ට එකතු වන ලෙස ඔහු විවෘත ආරාධනයක් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
