Image

අම්බලන්ගොඩ මෝදර දේවාලයේ පෙරහැර පැවැත්වීම සඳහා අභියාචනාධිකරණයේ අවසර

අම්බලන්ගොඩ මෝදර දේවාලයේ පෙරහැර පැවැත්වීම සඳහා අභියාචනාධිකරණයේ අවසර

අම්බලන්ගොඩ ඓතිහාසික මෝදර දේවාලයේ 82 වන වාර්ෂික මහා පෙරහැර පැවැත්වීම සඳහා අවසර ලබා නොදෙන බව පවසමින් අම්බලන්ගොඩ ස්ථානාධිපතිවරයා විසින් ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් දේවාලයේ පෙරහැර කමිටුව විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ රිට් පෙත්සම අද දිනයේ සලකා බලන ලදි.

එහිදී නීතික පාර්ට්නර්ස් නීතීඥවරුන්ගේ උපදෙස් මත පෙරහැර කමිටුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ඉෂාන් අලවතුරගේ මහතා සහ රජය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා විසින් සිදුකල දීර්ඝ කරුණු දැක්වීමෙන් අනතුරුව දෙපාර්ශ්වය විසින් ඇති කරගත් එකඟතාවය මත පෙරහැර පැවැත්වීම සඳහා අවසර ලබා දීමට ගරු අභියාචනාධිකරණය විසින් තීරණය කරන ලදි.

ආදිත්‍ය පටබැඳිගේ සහ බී.ශෂි මහෙන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව කැඳවනු ලැබීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න