Image

ශානි, රවී සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

ශානි, රවී සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින් මෙම පෙත්සම් දෙක ගොනුකර තිබුණි.

ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන අය මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක් මඟින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කරමින් එක් පෙත්සමක් ද, සිරිල් ගාමිණී පියතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලක අන්තර්ගත කරුණු මඟින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කරමින් අනෙක් පෙත්සම ද ගොනුකර තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න