81 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය (UNGA) සඳහා ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබා දෙන විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද(28) එම සැසිය ඇමතීමට නියමිතව තිබේ.
ඒ අනුව අද පැවැත්වෙන මහ මණ්ඩල සැසියේ මහ සභා විවාදයේදී අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත බව විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවැසීය.
මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ තේමාව වන “විශ්වාසය යළි ගොඩනැඟීම, පරිවර්තනය කළමනාකරණය කිරීම: සැමට ප්‍රතිඵල ලබා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්” යන තේමාවට අනුකූලව එම ප්‍රකාශය සිදු කරනු ඇත.
මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
