ශ්‍රීලන්කන් වෙත මාස 06ක ඉලක්කයක් !

ශ්‍රීලන්කන් වෙත මාස 06ක ඉලක්කයක් !

රජයෙන් ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 510ක පමණ මූල්‍ය සහනය ගෙන ශ්‍රීලංකන් ගුවන් සේවායේ මෙහෙයුම් සහ මූල්‍ය ප්‍රගතිය ඉදිරි මාස 06 තුළ පෙන්විය යුතු බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (11) අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

පසුගිය කාලපරිච්ඡේදය තුළ විටින් විට ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම්වල ඇති වූ ප්‍රමාදයන් නිසා ගුවන් මගීන්ට සිදුවූ හිරිහැර සහ බාධාවන් හේතුවෙන් ගුවන් සමාගම විශාල ලෙස දෝෂ දර්ශනයට සහ විවේචනයන්ට ලක්විය.

මේ පිළිබව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව ගුවන් සේවය පවත්වා ගෙන යාමට ඔවුන් විසින් බැංකු සහ ආයතන කිහිපයකට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක පමණ ණය ප්‍රමාණයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 510ක් පමණ රජය විසින් ගෙවා දැමීමට තීරණය කරන ලදී.

ඒ අනුව ආකර්ෂණීය මූල්‍ය ශේෂ පත්‍රයක් සම ශ්‍රීලංකන් ගුවන් සමාගම ඉදිරි මාස 06 තුළ ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට සැලසුම් කර ඇත. එබැවින් එම මාස 06 තුල ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අනවශ්‍ය වියදම් කපා හැර මනා මූල්‍ය විනයක් සමාගම තුළ ඇති කර යුතු බවත් ඒ සහා පරිපාලනය සහ වෘත්තීය සමිති ඒකාබද්ධව කටයුතු කළ යුතු බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙහිදී අවධාරණය කළේය.

එසේ නොවුනොත් 6,000 ක පමණ සේවකයින්ගේ රැකියාවල අස්ථාවරභාවයක් ඇති වන බව ද අමාත්‍යවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න