හෙට (19) සිට ක්‍රියාත්මක වන පරිදි වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කෙරෙන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
ඒ අනුව අංක තහඩුවේ අවසාන ඉලක්කම 0,2,4,6,8 යන ඉරට්ටේ අංක දරණ වාහන වලට ඉරට්ටේ දින වලදීත් අංක තහඩුවේ අවසාන ඉලක්කම 1,3,5,7,9 යන ඔත්තේ අංක දරණ වාහන වලට ඔත්තේ දිනවලදීත් පමණක් ඉන්ධන නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත.

