ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ලබන සතියේ දී පිහිටුවීමට කටයුතු කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඊයේ (01) රැස්වීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්මිනි.
නව සන්ධානය වෙනුවෙන් පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව මේ වන විට සංශෝධනය කර ඇති බැවින් ඉදිරියේ දී නිලධාරී මණ්ඩලය පත් කරන බවද ඔහු පැවසීය .
මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ්‍රීලනිප ප්‍රමුඛ නව සන්ධානයේ මාර්තු 11 සඳුදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවත් මැතිවරණ සලකුණ වන්නේ 'පුටුව' වන බවත් ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
