උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල සෞඛ්‍ය පද්ධතිය සවිබල ගැන්වීම සහ ප්‍රතිකාර සේවා පුළුල් කිරීම අරමුණු කරගනිමින් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සහ ඉන්දීය රජයේ ණය ආධාර පහසුකම් යටතේ රුපියල් මිලියන 7148 වියදමින් ඉදිකෙරෙන අංග සම්පුුර්ණ හෘද රෝග ප්‍රතිකාර සංකීර්ණ දිවිත්වයක් සමග සෞඛ්‍ය ප්‍රතිකාර සංකීරණ සඳහා මුල්ගල් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු මැති ඇමැතිවරුන්, පළාත් ආණ්ඩුකාර වරැ පුුමුඛ ප්‍රභූවරුන් රැසකගේ සහභාගිත්වයෙන් ලබන (16) දින සිදු කිරීමට නියමිත ය.
ඒ අනුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 3545ක වියදමින් ඉදිකරනු ලබන මහල් 08කින් යුත් අංග සම්පූර්ණ අති නවීන පහසුකම්වලින් සමන්විත දැවැන්ත හෘද ප්‍රතිකාර සංකීරණය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 2403ක වියදමින් ඉදිකරනු ලබන මහල් 08කින් යුත් අංග සම්පූර්ණ අති නවීන පහසුකම් වලින් සමන්විත දැවැන්ත හෘද ප්‍රතිකාර සංකීරණය, මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 600ක වියදමින් ඉදිකරනු ලබන අති නවීන පහසුකම් වලින් සමන්විත හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකක සංකීරණය, මෙන්ම මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 600ක වියදමින් ඉදිකරනු ලබන මහල් 04කින් යුත් සියලු පහසුකම් වලින් සමන්විත වාට්ටු සංකීරණය සඳහා මුල්ගල් තැබීමට නියමිතය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිකරන අතිනවීන පහසුකම්වලින් යුක්ත අංග සම්පූර්ණ දැවැන්ත හෘද ප්‍රතිකාර සංකීරණය සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) ණය ආධාර සපයනූ ලබන අතර, මෙම හෘද ප්‍රතිකාර සංකීරණය හෘද රෝග හදුනාගැනීමේ සහ ප්‍රතිකාර සේවා සඳහා අවශ්‍ය විශේෂ දැඩි සත්කාර ඒකක සහ දැඩි සත්කාර ඒකක (Coronary Care Unit / Critical Care Unit), කැත් රසායනාගාර, වාට්ටු ,සායන, රසායනාගාර, පුස්තකාල, ශ්‍රවණාාගාර, එක්ස් රේ (X-Ray), ECG (Electrocardiogram)ඇතුළු සේවා සහ නවීන පහසුකම් රැසකින් යුක්ත ය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන මහල් 08කින් යුත් අංගසම්පූර්ණ දැවැන්ත හෘද ප්‍රතිකාර සංකීරණය ද ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ණය ආධාර යටතේ ඉදිකෙරෙන අතර එහිද හෘද රෝග හදුනාගැනීමේ හා ප්‍රතිකාර සේවා සැපයීමට අවශ්‍ය විශේෂ දැඩි සත්කාර ඒකක සහ දැඩි සත්කාර ඒකක (Coronary Care Unit / Critical Care Unit), කැත් රසායනාගාර, වාට්ටු ,සායන, රසායනාගාර, පුස්තකාල, ශ්‍රවණාාගාර, එක්ස් රේ (X-Ray), ECG (Electrocardiogram)ඇතුළු සේවා සහ නවීන පහසුකම් රැසකින් යුක්තය.
JICA ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත ෂිගේඕ හොන්සු (Mr. Shigeo Honzu) සහ මෙරට ජපාන තානාපති අකිරෝ ඉසොමාතා (Mr. Akio Isomata) යන අය ද මෙම මුල්ගල් තැබීමෙි අවස්ථාවලට එක්වීමට නියමිතය.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරනු ලබන දැඩි සත්කාර ඒකක සංකීරණය හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකක ඇතුළු අංග සම්පූර්ණ නවීන පහසුකම්වලින් සමන්විත ප්‍රතිකාර ඒකක වලින් සමන්විත වන අතර, එමෙන්ම මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරනු ලබන මහල් 04කින් යුත් වාට්ටු සංකීරණය එම රෝහලේ පැවති රෝගී තදබදයට විසඳුමක් වශයෙන් නවීන පහසුකම් වලින් යුක්තව ඉදිකිරීමට නියමිතය.
මන්නාරම සහ මුලතිව් යන රෝහල් ද්විත්වයෙහි නව ඉදිකිරීම් කටයුතු රුපියල් මිලියන 1200 ක ඉන්දීය ආධාර ප්‍රධාන යටතේ සිදු කෙරෙන අතර, මෙම මුල්ගල් තැබීමෙි අවස්ථාවලට මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Mr. Santosh Jha) ද එක්වීමට නියමිතය.
මෙම නව ව්‍යාපෘති හරහා කොළඹින් බැහැර දුර බැහැර පළාත්වල වෙසෙන ජනතාවට හෘද රෝග සහ හදිසි අනතුරු සම්බන්ධ විශේෂඥ ප්‍රතිකාර සේවාවන් තමන්ගේම ප්‍රදේශවලින් ඉතා කඩිනමින් සහ නොමිලේ ලබා ගැනීමට අවස්ථාව සැලසෙන අතර, මෙය මෙරට නිදහස් සෞඛ්‍ය සේවයේ තවත් එක් සුවිශේෂී කඩඉමකි.
(මාධ්‍ය අංශය - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
