මේජර් ජනරාල් සත්‍යප්‍රියත් සජිත්ට එකතු වෙයි

මේජර් ජනරාල් සත්‍යප්‍රියත් සජිත්ට එකතු වෙයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 54 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සමගි ජන බලවේගයට සහයෝගය පළ කිරීම සඳහා එක්විය.

සමගි ජන බලවේගයට එක් වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ටද විපක්ෂනායකයා විසින් විශේෂ පත්වීමක් ලබාදී ඇත.

ඒ අනුව,‘දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ ප්‍රධානියා’ ලෙස සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ දූෂණ විරෝධී ගමනේ උපදේශකවරයකු ලෙස ඔහුව පත්කර තිබේ.

සජබ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේවනවිට පක්ෂය සහ පක්ෂයේ නායකත්වය අධිකරණය හමුවට ගෙන ගොස් ඇති තත්වයක් තුල තවතවත් විශ්‍රාමික හමුදා ප්‍රධානින් සජබට එකකට ගැනීමට විපක්ෂනායකයා කටයුතු කරමින් සිටියි.

මිට ඉහතදී බොනිෆස් පෙරේරා, දයා රත්නායක , දයා සඳගිරි , වැනි හමුදා සේවයේ සිටි ප්‍රධානින් කිහිපදෙනෙකුම සජබට එක්කර ගැනීමට විපක්ෂ නායකයා විසින් කටයුතු කර තිබිණ.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න