රට පුරා හොර වෙදුන්

රට පුරා හොර වෙදුන්

ව්‍යාජ වෛද්‍යවරු ලෙස පෙනි සිටින පුද්ගලයින් 40,000කට අධික ප්‍රමාණයක් රට පුරා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එම සංගමය සඳහන් කළේ නිසි නියාමනයක් වහාම සිදුකර යුතු බවයි.

එහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය ප්‍රසාද් හේරත්  පැවසුවේ සෑම නගරයකම ප්‍රධාන ගම් ආශ්‍රිතව, ආසන්න වශයෙන් ව්‍යාජ වෛද්‍යවරුන් තුන් හතරදෙනෙකු පමණ සිටින බවය.

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය ප්‍රභාත් සුගතදාස  පැවසුවේ ඇතැම් ඖෂධ වෙළෙඳසැල්වල ක්‍රියාකාරීත්ව ද සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල තර්ජනයක් එල්ල කරන බවය.

තවද, වෛද්‍ය නිර්දේශයක් නොමැතිව රෝග ලක්ෂණ අනුව ඖෂධ වෙළෙඳසැල්වල පිරිස විසින් රෝගීන් ට ඖෂධ ලබාදීම හේතුවෙන් රෝගීන් මරණයට පවා ලක්විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න