2024 ජනවාරි මාසයේ දී දෙලක්ෂය ඉක්ම වූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව ජනවාරි මාසය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 208,253 ක් බව වාර්තා වෙයි.
මෙම මාසය තුළ දී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් මෙරටට පැමිණි රට ලෙස ඉන්දියාව සඳහන් වන අතර එම සංඛ්‍යාව 34,399 කි.
එසේම රුසියාවෙන් සංචාරකයින් 31,159 ක්, එක්සත් රාජධානියෙන් 16,665 ක්, ජර්මනියෙන් 13,593 ක්, ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
