ඔන්ලයින් පනත් කෙටුම්පත විවාදයට ගැනීමටත් ජන්දයක් !

ඔන්ලයින් පනත් කෙටුම්පත විවාදයට ගැනීමටත් ජන්දයක් !

සමාජයේ දැඩි අවධානයක් යොමුව ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද ( 23 ) පාර්ලිමේන්තුවේදී ආරම්භ වුවත් ඊට පෙර සභාවේ කටයුතු අත්හිටුවා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කතානායකවරයාට සිදුවිය.

ඒ අදාළ පනත් කෙටුම්පත අද දින විවාදයට ගැනීම පිළිබඳ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමග වන අතර එහිදී අද දිනයේ පනත් කෙටුම්පත විවාදයට ගන්නේ ද ? නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමට ඡන්ද විමසීමක්ද පැවැත්විණි.

එහිදී අද දින විවාදයට පක්ෂව ඡන්ද 83ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 50ක් පමණි.

ඒ අනුව පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ විය.

රජය විසින් කෙටුම්පත් කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මඟින් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ක්‍රියාකරකම් කිහිපයක් වැරදි ලෙස අර්ථ ගන්වා ඇත.

ඒ අනුව,

ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම,

අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම

අසත්‍ය ප්‍රකාශ මඟින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම
අසත්‍ය ප්‍රකාශ මඟින් ආගමික රැස්වීමකට බාධා කිරීම

ආගමික හැඟීම්වලට රිඳවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම

ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම

මාර්ගගත ක්‍රම හරහා අසත්‍ය සන්නිවේදනය කිරීමෙන් වංචා කිරීම

අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම

සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මඟින් චේතනාන්විතවම නින්දා කිරීම

කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදුකිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම

හිරිහැර සිදුකිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම

ළමා අපයෝජන

වරදක් සිදු කිරීම සඳහා 'බොට්' සෑදීම හෝ අවභාවිතා කිරීම

කොමිෂන් සභාවේ විධානයකට අනුකූලව කටයුතු කිරීම පැහැර හැරීම

මෙම පනත යටතේ වැරදි ලෙස නම් කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න