අනුර ජනාධිපති වෙච්ච ගමන් කරන වැඩේ ලාල් කියයි !

අනුර ජනාධිපති වෙච්ච ගමන් කරන වැඩේ ලාල් කියයි !

එළඹෙන ජනාධිපතිවරණයෙන් නියත වශයෙන්ම ජනාධිපති ධුරයට පත්වන අනුර දිසානායක මහතාගේ පළමු නිවේදනය වන්නේ පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැරීම බව ජාතික ජනබලවේගයේ විධායක සභික, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත පවසයි.

මේ වන විට තිබෙන්නේ පුහු පාර්ලිමේන්තුවක් බවත් ඒ සමඟ නව ජනාධිපතිවරයාට වැඩකළ නොහැකි බවත් ඔහු පැවසීය.

ජාතික ජනබලවේගයේ විධායක සභික, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මේ බව සඳහන් කර සිටියේ මහනුවර කරළියද්ද ප්‍රදේශයේදී පැවති ජාතික ජන බලවේගය ජන හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද සඳහන් කළේය.

‘මේ වසරේ තියන ජනාධිපතිවරණයෙන් මාලිමාව දිනන බවට සියලු සමීක්ෂණ වාර්තා සහතික කරලා ඉවරයි. මාලිමාව ජයග්‍රහණය කරනවා කියලා බයට තමා මේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැම්මේ.

මෙවර ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක දිනනවා කියලා ගොඩාක් පක්ෂවල අයට දෙගිඩියාවක් ඇති වෙලා තියනවා. එක්තරා දුරකට ඡන්දය නොතියා ඉඳියිද කියලා සැකයකුත් අපිට තියෙනවා. හැබැයි ජනතාව බලාගෙන ඉන්නේ තියපල්ලකෝ ඡන්දයක් කියලා. රනිල්ගේ ජොබ් එක තමා විධායක බලය ක්‍රියාවට නැගීම.

මාරුවෙන් මාරුවට 75 වසරක් මේ රට කෑවා. හැදුවේ නැහැ. රජය නිල වශයෙන් පිළිඅරන් ඉවරයි ලෝකය ඉස්සරහා මේක බංකොලොත් රටක් කියලා.

මේ වසරේ ඔක්තෝබර් මාසය ඉවර වෙන්න කලින් එළැඹෙන ජනාධිපතිවරණයේදී , ජනාධිපතිවරයා පත්වෙන්නේ මලිමාවෙන්. එළැඹෙන මාස හතේ ඉන්ටවල් නැහැ. දිනපතා වැඩ කරන්න තියනවා හැමෝටම.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයාගේ පළමු නිවේදනය තමයි පාර්ලිමේන්තුව වහාම විසුරුවනු ලැබේ කියන එක. මේ පුහු පාර්ලිමේන්තුවත් එක්ක ජනාධිපතිවරයාට වැඩ කරන්න පුළුවන්ද? එම නිසා මහා මැතිවරණයකට සූදානම් විය යුතු වෙනවා’

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න