හිස් වූ මන්ත්‍රී ධූරය නම්කර ගැසට් නිවේදනයක් : නයන වාසලතිලක දිවුරුම් දෙයි

හිස් වූ මන්ත්‍රී ධූරය නම්කර ගැසට් නිවේදනයක් : නයන වාසලතිලක දිවුරුම් දෙයි

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ලෙස නයන වාසලතිලක කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු විය.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා නයන වාසලතිලක පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් අද (11) ප්‍රකාශයට පත්කර තිබේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ජනවාරි 09 දා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් විය.

චමින්ද විජේසිරි මන්ත්‍රිවරයාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් එදිනම (09) පස්වරුවේ දී මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබිණ.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු පත්විය.

1) වඩිවේලු සුරේෂ් - මනාප 49,762
2) ඒ. අරවින්දකුමාර් - මනාප 45,491
3) චමින්ද විජේසිරි - මනාප 36,291

ඔවුන් තිදෙනාට පසු වැඩිම මනාප හිමිව තිබුනේ නයන වාසලතිලක ටයි. ඔහු ලබාගෙන තිබු මනාප සංඛ්‍යාව 31,307කි.

අද දිනයේ ප්‍රකාශයට පත්ව ඇති ගැසට් නිවේදනය පහතින් පළවේ.

ksgsdf

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න