රංගේ බණ්ඩාර යළි එජාප මහ ලේකම් ධුරයට

රංගේ බණ්ඩාර යළි එජාප මහ ලේකම් ධුරයට

එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 වර්ෂය සඳහා එජාපයේ මහ ලේකම් ලෙස පාලිත රංගේ බණ්ඩාර යළිත් පත්කර තිබේ.

පාලිත රංගේ බණ්ඩාර මේදිනවල අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් පක්ෂ නායකයා විසින් නිකුත් කරන ලද පත්වීම් ලිපිය, සිරිකොත පක්ෂ මුලස්ථානයේදී, ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් විසින් බාර ගෙන ඇත.

2023 වර්ෂය සඳහා වූ එක්සත් ජාතික පක්ෂයේ නිලධාරී මණ්ඩලය පසුගිය වසරේ දෙසැම්බර් 31 වෙනිදායින් අවසන් විය.

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව, පක්ෂයේ මහ ලේකම් සහ භාණ්ඩාගාරික පත්කිරීමේ බලය ඇත්තේ පක්ෂයේ නායකයාය. සෙසු අනෙකුත් සාමාජිකයින් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත්කළ යුතුය.

මේ අතර ඉදිරි ජාතික මැතිවරණ ඉලක්කකර ගනිමින් ඒ සඳහා එජාප මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත්කිරීමට රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න