2023 වසරේ නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම්වල 23.2% ක වැඩිවීමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ඊට අනුව ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2023 නොවැම්බර් මාසයේදී ඩොලර් බිලියන 3.57 සිට 2023 දෙසැම්බර් මාසයේදී ඩොලර් බිලියන 4.4 දක්වා වැඩි වී තිබේ.
චීන මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය පහසුකම ද මෙයට ඇතුළත් වූ අතර, එය භාවිතා කිරීම යම් කොන්දේසිවලට යටත් වෙන බව ද මහ බැංකුව නිවේදනය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
