වසර හතරකට පෙර තුරන් කළ සරම්ප ආයෙත් හිස ඔසවයි !

වසර හතරකට පෙර තුරන් කළ සරම්ප ආයෙත් හිස ඔසවයි !

මෙම වර්ෂයේ මැයි මාසයේ සිට මේ දක්වා සරම්ප රෝගීන් 700කට වැඩි පිරිසක් මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙහිදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ, ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්කවලින් වීමද විශේෂත්වයකි .

ඊට අමතරව කලුතර, ගාල්ල, මාතර, මහනුවර, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් සහ කල්මුණේ ප්‍රදේශයෙන්ද සරම්ප රෝගීන් වාර්තා වී තිබේ.

සරම්ප යනු ''මෝබිලි වෛරස්'' ගණයට අයත් ''පැරාමික්සෝ වෛසරය'' මගින් වේගයෙන් බෝවන රෝගයකි.

වෛද්‍යවරුන් පවසන්නේ ශ්‍වසන මාර්ගය හරහා ඇතුළුවන වෛරසය ශරීරගතවී සති දෙකක් පමණ ගත වන විට රෝගී ලක්ෂණ මතුවීම සිදුවන බවයි.

එහි මූලික ලක්ෂණ වන්නේ, උණ, සෙම්ප්‍රතිශ්‍යාව, නාසයෙන් සොටු දියර ගැලීම සහ ඇස් රතු වීමය.

සාර්ථක එන්තන්තරණ වැඩසටහනකින් පසුව 2019 දී ශ්‍රී ලංකාව සරම්ප රෝගය මෙරටින් තුරන් කරනු ලැබීය.

ඒ දකුණු ආසියාවේ සරම්ප තුරන් කළ රටවලින් පහ අතරින් එක් රටක් බවට පත්වෙමිනි.

නමුත්, සිව් වසරකට පසු යළිත් මෙරටින් සරම්ප රෝගීන් වාර්තාවීම සැළකිය යුතු කරුණකි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, යළි මෙරටින් වාර්තා වන සරම්ප රෝගය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානය යොමුව ඇති බවය.

ඒ අනුව සරම්ප රෝගය තුරන් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ සහ ජාතික උපදේශක කමිටුවේ ද උපදෙස් ලබාගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, 2024 ජනවාරි 6 වැනිදා සිට දිවයිනම ආවරණය වන පරිදි එන්නත්කරණ වැඩසටහනක් දියත් කරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න