තරංගලාගේ සංචිතය හරීන්ගේ අනුමැතියට !

තරංගලාගේ සංචිතය හරීන්ගේ අනුමැතියට !

සිම්බාබ්වේ හි පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සඳහා නව තේරීම් කමිටුව විසින් නම් කළ මූලික සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා වෙත යොමුකර ඇතැයි වාර්තා වෙයි.

ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ ආබාධයක් හේතුවෙන් එක්දින ලෝක කුසලාන තරගාවලිය අහිමිවූ තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගද මෙම මූලික සංචිතයට ඇතුළත් බවයි.

2024 ජනවාරි 06 වනදා සිම්බාබ්වේට එරෙහිව ආරම්භ වන එක්දින තරගාවලියට සහ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් විසි එක් දෙනෙක්ගෙන් යුත් මූලීක සංචිතයක් නම්කිරීමට උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

අදාළ සංචිතය පහත දැක්වෙයි .

කුසල් මෙන්ඩිස්
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
නුවනිඳු ප්‍රනාන්දු
චරිත් අසලංක
සදීර සමරවික්‍රම
වනිඳු හසරංග
දසුන් ශානක
චාමික කරුණාරත්න
දුනිත් වෙල්ලාලගේ
ජනිත් ලියනගේ
කමිඳු මෙන්ඩිස්
මහීෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩසේ
අකිල ධනංජය
ප්‍රමෝද් මධුෂාන්
දුෂ්මන්ත චමීර
ඩිල්ෂාන් මධුෂංක
චාමික ගුණසේකර
අසිත ප්‍රනාන්දු

දෙරට අතර එක්දින තරගාවලිය ජනවාරි 6 , ජනවාරි 8 සහ ජනවාරි 11 යන තෙදින පැවැත්වීමට නියමිත අතර 20-20 තරගාවලිය ජනවාරි 14, 16 සහ 18 යන දිනයන්හීදි පැවැත්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න