ජංගම දුරකථනයක් මිලදීගැනීමේදී එම දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක්ද යන්න තහවුරු කරගත යුතු බව එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මේනකා පතිරණ පවසන්නේ කෙටි පණිවුඩයක් යොමුකිරීම හරහා ඒ බව තහවුරු කරගත හැකි බවය.
ඒ සඳහා IMEI ලෙස ටයිප් කර හිස්තැනක් තබා අංක 15කින් යුතු IMEI අංකය ටයිප් කර 1909ට ඕනෑම ජංගම දුරකථන ජාලයක් ඔස්සේ කෙටි පණිවුඩයක් යොමුකිරීම හරහා එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරගත හැකි බවත් එහි සඳහන් වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
