ලෙප්ටොස්පයිරෝසිස් සහ රුධිරගත පිළිකා රෝගී ප්‍රතිකාර සේවා සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබන අතිනවීන රුධිර ප්ලස්මා හුවමාරු කිරීම සඳහා භාවිතා කරනු ලබන යන්ත්‍ර දෙකක් (Com.Tec MultiProcedural Machine) ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම මඟින් මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියට එක් කිරීම සඳහා පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පසුගිය දා පරිත්‍යාග කරන ලදී.
ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මහේෂ් ප්‍රනාන්දු, සාමාන්‍යාධිකාරී අචල මෝසස් යන අය අමාත්‍යවරයා වෙත මෙම යන්ත්‍ර භාර දීම සිදු කළ අතර, එම යන්ත්‍ර දෙකෙහි වටිනාකම රුපියල් මිලියන 50කට අධික ය. 
මෙම යන්ත්‍ර ජර්මනියේ නිෂ්පාදිත අතිනවීන වෛද්‍ය උපකරණයක් වන අතර මෙමගින් ප්ලාස්මා දේහ විච්ඡේදනය ප්‍රතිකාර ක්‍රමය හරහා මෙරට බහුලව වාර්තා වන රෝග තත්ත්වයන් රැසකට සාර්ථකව ප්‍රතිකාර කළ හැකි ය. මී උණ, සර්ප දෂ්ටනයට ලක් වූ රෝගීන්ට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝග පාලනය කිරීම, අවයව බද්ධ කිරීමට පෙර සහ පසු රෝගීන්ට අවශ්‍ය විශේෂිත සත්කාර සැපයීමත් මෙම යන්ත්‍රය මගින් සිදු කෙරේ. එමෙන්ම රුධිර පිළිකා සහ තැලසීමියා රෝගයෙන් පෙළෙන රෝගීන්ට සෛල බද්ධ කිරීමේ සැත්කම් අපේක්ෂාවෙන් පසුවන රෝගී දරුවන්ට සහ වැඩිහිටියන්ට ප්‍රතිකාර ලබා දීමට මෙම උපකරණ සෘජුවම භාවිත කළ හැකි ය.
ප්‍රීමියම් ඉන්ටර්නැෂනල් සමාගමේ අධ්‍යක්ෂ මහේෂ් ප්‍රනාන්දු අමාත්‍යවරයාට යන්ත්‍ර භාර දීමෙන් අනතුරුව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දීම සමාගමේ ප්‍රධානතම අරමුණක් බවයි. එමෙන්ම තම සමාගම මෙරට බලයලත් විකුණුම් සහ සේවා නියෝජිතයා ලෙස කටයුතු කරන බවත්, රෝගී ප්‍රතිකාර සේවාවන් සැපයීම සඳහා අඛණ්ඩ සේවාවක් සැපයීමට සමාගම කටයුතු කරන බව ද ඔහු පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙහි දී අදහස් දක්වමින් මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව අඛණ්ඩව හා විධිමත්ව පවත්වාගෙන යාමට රජය මගින් වාර්ෂිකව අතිවිශාල මුදලක් ඖෂධ හා වෛද්‍ය උපකරණ මිල දී ගැනීම සඳහා වැයකරන බව සඳහන් කළේ ය.
රජය මගින් සිදුකරනු ලබන සේවාව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයෑමට මෙවැනි ප්‍රදාන ඉතා වැදගත්වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ වෙනුවෙන් කටයුතු කළ ප්‍රීමියම් ඉන්ටර්නැෂනල් සමාගමේ ප්‍රධානීන් ඇතුළු සියලු දෙනාට රජය හා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් කෘතඥතාවය ද පළ කරන බව ද පැවසී ය.
ජාතික රුධිර පාරවිලන සේවය හරහා මෙවැනි යන්ත්‍ර 19ක් දැනට දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල ප්‍රතිකාර සේවාවන් සඳහා එක්කර ඇත. එමඟින් වාර්ෂිකව විශාල රෝගී ජනතාවට සේවාවන් සපයා ගනු ලබන බව ද මෙහි දී අනාවරණය විය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටිය හ.
දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
