යුක්තිය යළි ඇරඹේ !

 යුක්තිය යළි ඇරඹේ !

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල අපරාධ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති "යුක්තිය" මෙහෙයුම අද (27) සිට යළි ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසයි.

උත්සව සමයේ නිලධාරීන් වැඩි පිරිසක් විශේෂ රාජකාරියේ යෙදවීම සඳහා මෙම මෙහෙයුම පසුගිය (24) දින සිට සීමා කර තිබුණි.

ඒ අනුව පොලිස් මූලස්ථානය පවසන්නේ උත්සව සමය හේතුවෙන් සීමා කළ මෙහෙයුම අද සිට පෙර පරිදි සිදුවන බවයි.

යුක්තිය මෙහෙයුමේදී මේ දක්වා 13,600ට අධික සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය වාර්තා පවසයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න