ශ්‍රී ලංකා ක්‍රිකට් අවුල් ලිහන්න : ජනපති ගත්ත තීන්දුව මෙන්න !

ශ්‍රී ලංකා ක්‍රිකට් අවුල් ලිහන්න : ජනපති ගත්ත තීන්දුව මෙන්න !

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැනණැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට අද (06) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරිණි.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි ගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම කැබිනට් අනු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලු විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම මෙම කැබිනට් අනු කමිටුවට පැවරේ.

හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ද අදහස් ලබාගනිමින් වත්මන් තත්ත්වය විමර්ශනය කිරීමට සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කැබිනට් අනු කමිටුව කටයුතු කරනු ඇත.

මීට අමතරව, ජනාධිපති ලේකම්වරයා විසින් නම් කරන ලද ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු, මෙම අනු කමිටුවේ ලේකම්/කැදවුම්කරු ලෙස කටයුතු කරනු ඇත. කමිටුවේ කටයුතු කාර්යක්ෂමව සම්බන්ධීකරණය සහ පහසු කිරීම ලේකම්/කැඳවුම්කරුවෙකු පත්කිරීමේ අරමුණයි.

තවද, මෙම කමිටුවේ සාකච්ඡා සඳහා අවශ්‍ය යැයි සලකන ඕනෑම නිලධාරියෙකුගේ හෝ අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුගේ සේවය ලබා ගැනීමට ද අමාත්‍ය මණ්ඩලය විසින් මෙම අනුකමිටුවට බලය පවරා ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ ගැටලු වඩාත් සාර්ථක ලෙස විසඳීම සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම ලබා ගැනීම සහ පුළුල් පරාසයක් තුළ කරුණු සලකා බැලීම මෙම සමස්ත කටයුතුවල අරමුණයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න