ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය බිංදුවටම කෙළෙසීම ගැන බංග්ලාදේශ නායකයාට දොස් !

ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය බිංදුවටම කෙළෙසීම ගැන බංග්ලාදේශ නායකයාට දොස් !

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවකු වන ඇන්ජලෝ මැතිව්ස් ව එක් පන්දුවක් හෝ නොයවා දවා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද (06) කටයුතු කළ අතර එය ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය බිංදුවට ඇද දැමීමක් ලෙස මේ වන විට විචාරකයන් අතර දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

එහිදී සිදුවූයේ ලංකා කණ්ඩායමේ සිව් වැනි කඩුල්ල ලෙස ලකුණු 135ක් ව තිබියදී සදීර සමරවික්‍රම දැවීගිය අතර ඊළඟ කඩූල්ල සඳහා මැතිව්ස් පැමිණියේය .

නමුත් ඔහු කඩුල්ලට පැමිණ සිය ස්ථානය ලකුණු කර ගැනීමට පෙර ඔහුගේ හිස් ආවරණයේ යම් ගැටලුවක් හේතුවෙන් ඔහු නැවත හිස් ආවරණයක් ඉල්ලා සිටියේය.

එම අතර තුර කාලයේදී බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් විනිසුරුවන්ගෙන් ඉල්ලීමක් කළේ විනාඩි 3 ඇතුළත තම පළමු පන්දුවට පහර නොදුන් හෙයින් ඔහු ව දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම්කරන ලෙසයි.

ඒ අනුව විනිසුරු එරස්මස් තීරණය කළේ මැතිව්ස් දැවීගිය ක්‍රීඩකයෙක් බවය.

එහිදී මැතිව්ස් බංග්ලාදේශ කණ්ඩායමේ නායක අල් හසන් වෙත ගොස් තමාට සිදුවූ දෙය සම්බන්ධයෙන් විමසුවද ඔහු සිය ඉල්ලීම ඉල්ලා අස්කර ගැනීමට එකඟ බවක් පළකෙරුණේ නැත.

ඒ අනුව මැතිව්ස් 5 වන කඩුල්ල ලෙස නැවත ක්‍රීඩාගාරයට ගියේ කිසිම පංදුවක් සඳහා මුහුණ නොදී වන අතර එය ලෝක කුසලාන තරගාවලියක මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ක පළමු වතාවට සිදුවූ සිදුවීමක් ලෙසත් වාර්තා වෙයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න