ඉන්දු-ලංකා සහයෝගීතාව ප්‍රවර්ධනයට අගමැතිට පැසසුම්

ඉන්දු-ලංකා සහයෝගීතාව ප්‍රවර්ධනයට අගමැතිට පැසසුම්

ඉන්දීය මුදල් අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් ඊයේ (02) අරලියගහ මන්දිරයේදී සිදුවිය.

ඉන්දීය මුදල් අමාත්‍යවරියගේ සංචාරයේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම යටතේ බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය සඳහා ඉන්දීය රුපියල් බිලියන 1.0747 ක ඉන්දීය ප්‍රදාන ආධාරයෙන් ආගමික ස්ථානවල සූර්ය විදුලි ව්‍යාපෘති සඳහා පමණක් ඉන්දීය රුපියල් මිලියන 824 ක් වෙන් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉන්දියාවට ස්තූති කළේය.

ඉන්දු-ලංකා මිත්‍රත්වය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ අසීමිත උත්සාහයන් ඉන්දියාව ඉතා අගය කරන බව ඉන්දීය මුදල් අමාත්‍යවරිය සඳහන් කළාය.

“දශක ගණනාවකට පෙර අපි අපේ නිදහස සඳහා සටන් කරන විට, ඔබේ දෙමාපියන් ඉන්දීය නිදහස් අරගලයට සම්බන්ධ වූ අතර දැන් අගමැති ලෙස ඔබ දෙරට අතර ද්විපාර්ශ්වික මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බැවින් අපි ඔබට ඉතා ඉහළ ගෞරවයක් දක්වනවා,” යැයි ඇය මෙහිදී පැවසුවාය.

මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන අය ඇතුළු දෙරටේ නියෝජිතයින් ද එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න