ඉන්දියාවේ ණය ගෙවීමට කෝටි 23150 ක පරිපූරක ඇස්තමේන්තුවක් !

ඉන්දියාවේ ණය ගෙවීමට කෝටි 23150 ක පරිපූරක ඇස්තමේන්තුවක් !

ඉන්දියානු ණය සහනාධාර යටතේ ඉන්ධන ආනයනය කිරීමට ලබාගත් ණය පියවීම සඳහා රුපියල් කෝටි විසි තුන් දහස් එකසිය පනහක ප්‍රතිපාදන අනුමත කර ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.

මෙම පරිපූරක ඇස්තමේන්තුවට කැබිනට් මණ්ඩලයේ සහ රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ද අනුමැතිය ලැබී ඇත.

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය 31 වැනිදා රැස්වු ූූඅතර පරිපූරක ඇස්තමේන්තුවට අනුමැතිය හිමි වූයේ එහිදී ය.

මේ අනුව මෙම මුදල් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මහා භාණ්ඩාගාරයෙන් ගත් ණය පියවීමටත් මහා භාණ්ඩාගාරය ඉන්දියානු ණය සහනාධාර යටතේ ගත් ණය පියවීමටත් භාවිතා කරන බව මුදල් අමාත්‍යංශයේ නිලධාරීහු එහිදී පැවසූහ.

මෙම මුදලින් රුපියල් කෝටි 12900ක් ශ්‍රී ලංකා විදුලිබල විදුලි බල මණ්ඩලය වෙනුවෙන් ලබා ගන්නා බවත් ඉතිරි රුපියල් කෝටි 10200 ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ලබා ගන්නා බවත් එහිදී සඳහන් විය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඩොලර් කෝටි 100ක පාඩුවක් ලබා ඇති බවත් මෙම අතිරේකය ප්‍රමාණවත් වන්නේ මුළු ණය ප්‍රමාණයෙන් සියයට 30 ක් පියවීමට පමණක් බවත් සඳහන් විය.

එසේම මෙම පරිපූරක ඇස්තමේන්තු මුදල ලැබීමෙන් පසුවද ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් කෝටි 30000ත් 40000ත් අතර ප්‍රමාණයක් බවද එහිදී සඳහන් විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න