අත්‍යවශ්‍ය සේවා කිහිපයක් නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් අද (සැප්. 18) නිකුත් කර ඇත.
ඒ අනුව, විදුලි බල සැපයීම සම්බන්ධව සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, රෝහල්වලට, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ ව සියලු සේවා මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇත.
වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජේවර්ධනගේ අත්සනින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
