ජවිපෙ ඉන්දීය විරෝධය අවසන් !

ජවිපෙ ඉන්දීය විරෝධය අවසන් !

ඉන්දියාව සමඟ හොඳ දැක්මක් සහිතව ගනුදෙනු කිරීමට ජාතික ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසයි.

හුණුපිටිය මංසන්ධියේ පැවති ජාතික ජනබලවේගය පක්ෂයේ කැලණිය ආසන බලමණ්ඩලය අමතමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ඉන්දියාව ශ්‍රී ලංකාව ආසන්නයේ පිහිටිමත්, ඉන්දියාවට ශ්‍රී ලංකාවේ භූ දේශපාලනයද ඇතුළත් වී තිබීම පිළිබඳව හොඳ දැක්මක් සහිතව ඉන්දියා සමග ගනුදෙනු කිරීමට සූදානම් බව එහිදී අනුර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

ඉන්දියාව, චීනය ලෝකයේ විශාලම ආර්ථිකයන් බවත් ලොව විශාලතම නිෂ්පාදකයන් බවත් පැවසූ ඔහු එම රටවල් සමග හොද ගණුදෙනුවක් කිරීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ වුවත් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භක අවධියේ සිට ඉන්දීය විරෝධයක සිටි අතර එහි මුල් අවධියේ පැවති අධ්‍යාපන පංති 5 තුළ, ඉන්දීය ව්‍යාප්තවාදය යනුවෙන් පන්තියක් ද එක්කර තිබිණ. එසේම ඉන්දු - ලංකා ගිවිසුම අවස්ථාවේ ඊට විරුද්ධවද ජවිපෙ ප්‍රසිද්ධියේ කටයුතු කෙරිණ. ඒ අනුව මේ වන විට පෙන්නුම් කරන්නේ ජවිපෙ ඉන්දියාව සම්බන්ධ එම පැරණි අදහසින් විතැන්ව ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න