චැනල් අයි නාලිකාව ලයිකාට දීම කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කරලා !

චැනල් අයි නාලිකාව ලයිකාට දීම කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කරලා !

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාව බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA) වෙත ලබා දීමට රූපවාහිනියේ වත්මන් සභාපතිවරයා විසින් ගත් තීරණය කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

‘චැනල් අයි’ නාලිකාව ‘ලයිකා’ වෙත ලබා දීම සඳහා ජුලි මස අග දෙපාර්ශවය විසින් ගිවිසගෙන තිබී ඇතත් ඒ සඳහා රුපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පුර්ව අනුමැතියක් ලබාගෙන නොතිබූ බවත් වාර්තා වෙයි.

ඒ අනුව එම ගිවිසුම සඳහා ආවරණ අනුමැතියක් ලබාගැනීම සඳහා වූ විශේෂ කැබිනට් පත්‍රීකාවක් ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් අද (14 සඳුදා) උදැසන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය විසින් එම කැබිනට් පත්‍රීකාව තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවත් දැනගන්නට ඇත.

කිසිඳු පාරදෘශ්‍ය භාවයකින් තොරව සිදුකළ මෙම ක්‍රියාමාර්ගය අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේම දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති බවත් වාර්තා වෙයි.

‘චැනල් අයි’ නාලිකාව දිගින් දිගටම පාඩු ලබන බැවින් පුද්ගලික ආයෝජකයෙකුට බදු පදනම මත පැවරීමට හිටපු සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය යෝජනා කර තිබිණ.

ඒ අනුව 2023 පෙබරවාරි 03 දා ඊට අදාල ටෙන්ඩර් කැඳවීමේ නිවේදනයක් පළකර තිබු අතර අයදුම්පත් බාර ගැනීම පෙබරවාරි 17 දින අවසන්ව තිබේ.

නියමිත දිනට ඒ සඳහා මිල ගණන් ඉදිරිපත් කරමින් යෝජනා ඉදිරිපත් කර තිබුනේ මෙරට ප්‍රකට සන්නිවේදන ආයතන 2ක් පමණි. කෙසේ වුවත් ලයිකා සමාගම සමඟ ගිවිසුම්ගතවීම සිදුව ඇත්තේ එම ආයතන ද නොසළකා බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න