පෞද්ගලික රෝහලක කෝටි ගාණක ගැහිල්ලක් !

පෞද්ගලික රෝහලක කෝටි ගාණක ගැහිල්ලක් !

කොළඹ ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහලක සිදුව ඇති රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රහස් පොලිසියේ විශේෂ අංශයක් විසින් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

අදාළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ගෙන් අය කරගන්නා මුදල්වලට රෝහලෙන් ලබාදෙන 20%ක විශේෂ වට්ටම් මුදල එම රෝහලේ අංශ ප්‍රධානියකු ඇතුළු 06 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් වංචාසහගතව ලබාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන ක්‍රියාත්මක ය.

රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇති අතර ර රෝගීන් ඇතුළුව දෙසියකගෙන් පමණ දෙනා ගෙන් මේ වන විට ප්‍රකාශ ද ලබාගෙන ඇති බවත් වාර්තා වෙයි.

එහි නේවාසික රෝගියෙකු ප්‍රතිකාර ලබාගෙන රෝහලින් පිටව යන අවස්ථාවේ රෝහල වෙනුවෙන් ගෙවිය යුතු සම්පූර්ණම මුදල ගෙවිය යුතු අතර රෝහලෙන් ලබා දෙන විශේෂ වට්ටම ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ පසු එය ලබාදීම සාමාන්‍යය ක්‍රියාපටිපාටියයි.

නමුත් මෙම විශේෂ වට්ටම පිළිබඳ බහුතරයක් රෝගීන් ගෙන් නොදැනුවත්භාවය ප්‍රයෝජනයට ගෙන බ්ල්පත් අංශ ප්‍රධානියා ඇතුළු හය දෙනකු ව්‍යාජ ලේඛන සකසා වසර ගණනාවක සිට මෙම මුදල් වංචාව සිදු කර ඇතැයි හෙළි වී තිබේ.

මේ වරටත් අදාළ චෝදනා එල්ල වන සේවකයන් හයදෙනා සේවයෙන් ඉවත් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න