රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සිරකළ යුතු පුද්ගලයකු නොවේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.
කළ යුත්තේ ඔහු සිරගත කිරීම නොව ඔහුගේ සේවය අගය කිරීම බවද හිටපු ජනාධිපතිවරයා කීවේය.
ඔහු මෙසේ පැවසුවේ තිස්සමහරාම අකුරුගොඩ සිරිමංගල විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසුමකදීය.
රටේ තත්වය ගැන තමාට වඩා හොඳින් ජනතාව අද දන්නවා යැයිද මහින්ද රාජපක්ෂ පැවසීය.

