ඊශ්‍රායලය, ඉරානය සහ පලස්තීනය ඇතුළු රටවල් කිහිපයක ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නිලතල සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නම් කරන ලද නව පත්වීම් 10ක් සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන පරිදි, මෙම නව පත්වීම් අතර තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් සහ නිත්‍ය නියෝජිතයින් ඇතුළත් වේ.
මෑත කාලීනව දැඩි අවධානයට ලක්ව ඇති මැදපෙරදිග කලාපයේ තානාපති පත්වීම් සඳහා විශේෂ ප්‍රමුඛතාවයක් හිමිව ඇත:
ඊශ්‍රායලය: එස්. කේ. චන්ද්‍රසිරි
පලස්තීනය: එම්. ෆාරුක් එම්. ෆවුසර්
අනෙකුත් තානාපති සහ මහ කොමසාරිස් පත්වීම්:
යුරෝපය, අප්‍රිකාව සහ ආසියානු කලාපීය රටවල් සඳහා ද නව නිලධාරීන් පිරිසක් නම් කර ඇත
මැලේසියාව: දර්ශන එම්. පෙරේරා
එක්සත් ජාතීන්ගේ සංවිධානය (ජිනීවා): ඩී.එම්.එස්.පී. දසනායක
ඔස්ට්‍රියාව: දයානි මෙන්ඩිස්
රුමේනියාව: එස්.පී.ඩබ්ලිව්. පතිරණ
ඉතියෝපියාව සහ අප්‍රිකානු සංගමය: එන්.අයි.ඩී. පරණවිතාන
කෙන්යාව: ධම්මික ප්‍රනාන්දු මහතා
ලෙබනනය: අනුර විතානගේ
මෙම පත්වීම් සඳහා අදාළ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවීමත් සමඟ ඉදිරි කාලසීමාව තුළ ඔවුන් සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

