කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂාව ගැන නිවේදනයක් !

කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂාව ගැන නිවේදනයක් !

විදෙස්ගතවන ගුවන් මගීන්ගේ පහසුව පිණිස ආරක්ෂක ක්‍රමවේදයන් ලිහිල් කිරීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම සඳහන් කරයි.

ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ පිවිසුම් දොර අසළ තිබූ ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය ඉවත් කිරීමට තීරණය කර ඇති බවද එහි දැක්වෙයි.

කෙසේ වෙතත් තවදුරටත් සෑම ගුවන් මගියෙකුම ගුවන් යානයට ගොඩවීමට පෙර ස්ථාන දෙකකදී විශේෂ ස්කෑන් යන්ත්‍ර පරීක්ෂාවකට ලක්වන බවද සමාගම පවසයි.

මෙලෙස ඉවත්කිරීමට පියවර ගෙන ඇති ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය එවකට පැවති ත්‍රස්ත තර්ජන හේතුවෙන් ස්ථාපිත කර තිබූ බවද ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම නිකුත්කළ නිවේදනයෙහි පෙන්වාදී තිබේ.

මීට පෙර එම යන්ත්‍රය ඇතුළුව ස්කෑන් යන්ත්‍ර 03ක් හරහා විදෙස්ගතවන ගුවන් මගීන් පරීක්ෂා කිරීම හරහා විශාල තදබදයක් ඇතිවූ බවද සමාගම පවසයි.

මේ වනවිට රටේ පවතින සාමකාමී තත්ත්වයත් ගුවන් මගීන්හට විදේශගතවීමේදී සිදුවන අපහසුතාවයන්ද සැළකිල්ලට ගනිමින් ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම මෙම තීරණය ගත් බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව ඇත.

මේ අතර නවීන තාක්ෂණයෙන් යුතු කැමරා 446කින් ලබාගන්නා රූප රාමු ඇතුළත් ආරක්ෂිත CCTV කැමරා පද්ධතියකින් යුතු පැනලයක් හරහා පැය 24 පුරා මගීන් නිරීක්ෂණය කරන බවද සඳහන් වෙයි.

සිවිල් ඇඳුමින් සැරසුණු ගුවන්තොටුපොළ සහ ත්‍රිවිධ හමුදාවන්ගෙන් සමන්විත ආවේක්ෂණ කණ්ඩායමක් ද පිටත්වීමේ සහ පැමිණීමේ පර්යන්තවල සේවයේ නිරත වන බවද එම සමාගම වැඩිදුරටත් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න