පොලිස්පති කවුද ? තීන්දුවක් ගන්න ජනපති - ඇමති හමුවක් !

පොලිස්පති කවුද ? තීන්දුවක් ගන්න ජනපති - ඇමති හමුවක් !

පොලිස්පති පත්කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් අතර අද (09) පැවැත්වීමට නියමිත බවත් ඉන් අනතුරුව මේ වන විට පුරප්පාඩුව ඇති පොලිස්පති ධූරයේ ගැටළුව විසඳෙනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .

එසේම පොලිස්පතිවරයාව සිටි සී. ඩී. වික්‍රමරත්න ට යළිත් සේවා දිගුවක් ලබාදෙනවාද යන්න නිර්දේශ කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ට පවරා ඇති බවත් වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට පොලිස්පතිවරයාව සිටි සී. ඩී. වික්‍රමරත්න ඉකුත් මාර්තු මස 25 වනදා විශ්‍රාමයෑමට නියමිතව සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුට මාස තුනක 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබාදුනි.

එම මාස 03ක සේවා දිගුව පසුගිය ජුනි මස 25 වනදා අවසන් විය.

ඒ අනුව, අදාළ කාලසීමාව අවසන් වී අදට දින 13ක් ගතවී ඇති පසුබිමකත් මෙතෙක් පොලිස්පතිවරයෙකු පත්කිරීමට විධායකය විසින් පියවර ගෙන නොමැත.

එවන් පසුබිමක පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් අතර ඒ සම්බන්ධ සාකච්ජාවක් පවත්වා තිබුණි.

ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම හෝ පොලිස්පතිවරයාව සිටි සී. ඩී. වික්‍රමරත්නට තවත් සේවා දිගුවක් ලබාදෙන්නේද යන්න නිර්දේශ කරන ලෙස ටිරාන් අලස් අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍යාවරයා හා ජනාධිපතිවරයා අතර පොලිස්පති ධූරය සම්බන්ධයෙන් හෙට පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.

එහිදී පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට ඒමට බොහෝදුරට ඉඩ ඇති බවත් අනතුරුව ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරකු පත්කරනු ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පසුගිය බ්‍රහස්පතින්දා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අල්ස් පෞද්ගලිකව මුණගැසී ඇති බවත් දැනගන්නට ඇත .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න