පාස්කු ප්‍රහාරය : සිරිසේන ඇතුළු චූදිතයන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපායිද ?

පාස්කු ප්‍රහාරය : සිරිසේන ඇතුළු චූදිතයන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපායිද ?

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සිය පෞද්ගලික මුදලින් වන්දි ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන ඇතුළු පාර්ශ්ව කිහිපයකට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදී ඇති කාලය ලබන එළැඹෙන බදාදා දිනයෙන් අවසන්වීමට නියමිතව ඇත .

මෙම වසරේ ජනවාරි මස 12 වනදා ඒකමතික තීන්දුවක් ලබාදෙමින් අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් මෙම නියෝගය ලබාදෙනු ලැබීය.

ඒ අනුව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කෝටි 10ක්, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන කෝටි 7.5ක මුදලක් වින්දිතයින්ට ලබාදෙන ලෙස නියම කර තිබුණි.

එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කෝටි 5ක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් කෝටියක මුදලක් ද වින්දිතයන් හට ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයේ සඳහන් වෙයි.

කෙසේවෙතත් වාර්තා වන ආකාරයට කිසිදු විත්තිකරුවෙකු මේ දක්වා වින්දිතයන් සඳහා වන අරමුදලට එම මුදල් බැර කර නොමැත.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව අදාළ වන්දි මුදල් නොගෙවුවහොත් එය අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලෙකෙන බව නීති ක්ශේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න