ආර්ථිකයේ ප්‍රකෘතිමත්වීම වසරේ දෙවන අර්ධයේ බලාගන්න - මහ බැංකු අධිපති

ආර්ථිකයේ ප්‍රකෘතිමත්වීම වසරේ දෙවන අර්ධයේ බලාගන්න - මහ බැංකු අධිපති

මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත්වීම වසරේ දෙවන අර්ධයේදී දැකගත හැකි බවත් එය ඉදිරියට එලෙසම පවතිනු ඇති බවට නිර්ණය කරන බවත් මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟතාවකින් තොරව පාරිභෝගිකයින්ට ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර ආනයන සීමා ද ලිහිල් කර ඇති බවත් ඔහු පවසයි .

මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ සී.එන්.බී.සී විදෙස් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ය.

එහිදී ඔහු මෙසේද පැවසීය .

"මීට පෙර පැවැති තත්ත්වය හා වර්තමාන තත්ත්වය පිළිබඳව සලකා බැලීමේදී දැන් කිසිඳු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක හිඟයක් නැහැ. ඒ වගේම ඉන්ධන හා ගෑස් මිලද දැන් පහළ යමින් පවතිනවා. රජය දැන් ආනයන සීමා බොහෝමයක් නිදහස් කර තිබෙන අතර ඉදිරියේදී තවදුරටත් ආනයන සීමා නිදහස් කිරීමට කටයුතු කරනවා."

"සියලුම දත්ත මගින් පෙන්වා දෙන්නේ පාරිභෝගිකයින්ගේ විශ්වාසය නැවත ඇතිවී ඇති බවයි. ඒ වගේම රුපියල මේ වසරේ ගතවු කාලයේදී ශක්තිමත් වෙමින් පවතිනවා. ඒ වගේම ඔබට දැක ගත හැකියි කොටස් වෙළඳපොළ මිල දර්ශකය ඉතා ධනාත්මක ලෙස පවතිනවා. ඒ නිසා පාරිභෝගිකයින්ගේ රුචිකත්වය ඉහළ යාමත් සමග ඉල්ලුමද දැන් ඉහළ යමින් තිබෙනවා. ඒ නිසා ආර්ථිකය ප්‍රකෘතිමත්වීම වසරේ දෙවන අර්ධයේදී දැක ගත හැකි අතර එය ඉදිරියටම එලෙසම පවතිනු ඇති බවට අපි සිතනවා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න