විපක්ෂය එපා කිව්වත් : විදෙස්ගත ලාංකිකයින් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් එවලා !

විපක්ෂය එපා කිව්වත් : විදෙස්ගත ලාංකිකයින් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් එවලා !

විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙම වසරේ පළමු මාස හය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2822.6 ක මුදලක් ශ්‍රී ලංකාවට ඒවා ඇතැයි නවතම දත්ත වාර්තා පෙන්වා දී තිබේ.

ඊට අනුව මෙය පසුගිය වසරට සාපේක්ෂව සියයට 75.3 ක වර්ධනයකි.

පසුගිය වසරේ පළමු මාස හයක කාලය තුළ විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1609.9 මුදලක් ශ්‍රී ලංකාවට ඒවා තිබිණ .

නමුත් මෙම වසරේ ජූනි මස ඇමෙරිකානු ඩොලර් මිලියන 475.7 ක මුදලක් විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා තිබූ අතර එය පසුගිය වසරේ ජූනි මසට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් බවද අදාළ වාර්තාව අනාවරණය කර සිටියි.

කෙසේ වුවත් මේ වාර්තාගත ඩොලර් ප්‍රමාණය මෙරටට එවීමට විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් කටයුතු කර ඇත්තේ මෙරටට උපයන විදෙස් මුදල් එවීමට කටයුතු නොකරන ලෙස විපක්ෂයේ පාර්ශ්ව දැඩි ඉල්ලීමක් සිදුකරන පසුබිමක වීමත් විශේෂත්වයකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න