පාර්ලිමේන්තුවේ 225 ටම බදු ලිපිගොනු !

පාර්ලිමේන්තුවේ 225 ටම බදු ලිපිගොනු !

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 වෙනුවෙන් බදු ලිපිගොනු විවෘත කිරීමට කටයුතු කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (8) පාර්ලිමේන්තුවේ පැවති ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අමතමින්ය.

දේශපාලනයට පිවිසෙන සියලු දෙනා වත්කම් බැරකම්වලට අමතරව බදු ලිපි ගොනුවක් ආරම්භ කළ යුතු බවට යෝජනාවක් ගෙන එන බවත් අමාත්‍ය කාර්ය මණ්ඩලවලට පිවිසෙන සාමාජිකයන්ද බදු ලිපිගොනු විවෘත කළ යුතු බවත් එහිදී අමාත්‍යවරයා පැවසීය.

ලබන අවුරුද්දේ ජනවාරි මාසයෙන් පසු අවුරුදු 18 ට වැඩි වැඩි සියලු සියලුදෙනාට බදු ලිපිගොනුවක් හඳුන්වා දෙන බවද සඳහන් කල අමාත්‍යවරයා ඉන් අදහස් වන්නේ සියලූ දෙනාගෙන් බදු ගැනීම නොවන බවද සඳහන් කළේය.

ආණ්ඩුව ජනතාවට මුදල් දෙන්නේද එම ලිපිගොනු හරහා බවත් බදු ගැන ඇසූවිට අද බොහෝ දෙනා බිය වන බවත් ඒ බියද නැති කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න