නිල සංචිත ඉහළට !

නිල සංචිත ඉහළට !

මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2023 මැයි මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 3,483 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

එම සංචිත වත්කම් ඉහළ යෑමේ ප්‍රතිශතය පසුගිය අප්‍රේල් මාසයට සාපේක්‍ෂව සියයට 26.2 ක් බව පවසන මහ බැංකුව අප්‍රේල් මාසයේ ඩොලර් වත්කම් ප්‍රමාණය මිලියන 2,761 ක් බව ද සඳහන් කර සිටියි.

නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය මැයි මාසය තුළදී සියයට 27.9 කින් ඉහළ ගොස් ඇති බව ද මහ බැංකුව පවසයි .

චීන මහජන බැංකුව පිරිනැමූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක විදේශ විනිමය හුවමාරු පහසුකම් ලැබීම් ද මෙම සංචිතවලට ඇතුළත් බව ද මහ බැංකුව වැඩි දුරටත් සදඟන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න