විශ්වවිද්‍යාල සිසුන් 31 කට පන්ති තහනමක් !

විශ්වවිද්‍යාල සිසුන් 31 කට පන්ති තහනමක් !

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 31 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇත.

ඒ කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට සම්බන්ධවීම නිසාය .

වාර්තා වන ආකාරයට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයේ සිසුන් 31 දෙනෙකු සඳහා මෙම තහනම පනවා ඇත.

වැඩිදුරටත් වාර්තා වන තොරතුරු අනුව පසුගිය සිකුරාදා දිනයේ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සහ තෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර ආරවුලක් ඇතිවූ අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී තිබුණි.

අදාළ ගැටුම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව එම සිද්ධියට සම්බන්ධ බවට හඳුනාගත් දෙවන වසරේ සිසුන් 16 දෙනෙකුට සහ තෙවන වසරේ සිසුන් 15 දෙනෙකුට විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර තිබේ.

මේ අතර එම සිසුන්ට විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලට ද ඇතුල්වීම තහනම් කර ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න